වියපත් වු මායාව මගෙන් දවසක විමසාවි
මම දත් දේ නුඹ ගැන....
විමසාවි මම, මම තුලින්ම
හැරි බැලුවද පෙනෙන්නට නැත
මා සොයන ආදරය,
ඇයට පමණක් නොව
නුඹටද නොවැටහේවි...
ඉතින්...
අප අතර සත්‍ය ආදරයක් කොයින්ද.....?
ඉතින්...
මං සොයපු ආදරය නුඹ තුලවත්
ඇය තුලවත් නැත....,
නැවතිය යුතු තැන
මිරිගුවකි....
ආදරය අබියස
ඇය...නුඹ...මම
මිරිගුවකි.....
තවමත් සොයමි
ඇය ගැන
නුඹ ගැන
අපි ගැන.....
විකල්ප නැත.....
සිතුවිලි දැහැන....
අකීකරු හදවත....
Wednesday, December 23, 2015
Thursday, November 26, 2015
දිනක් අකීකරු වෙලා
කාටවත් නොදැනෙන්න
මගේ හදවත
නුඹම පමණක් සොයන විටදී...
දහසක් බැමි ඉරා දමා...,
වසන් විය...,
මගේම
තාරුණ්‍යය...
මගේම පන්හිද අසල
ලියන්නට මෙතුවක් කලට
නුඹ නැත තනි මැකුවේ,
වචන පමණකි
මගේ ලඟ....මා අසලම
හිඳ මගේ තනියට ලඟ සිටපු
වචන පමණයි විශ්වාස
මට මගේ මුළු ජීවිතයටම අද...........
සිතුවිලි දැහැන...
කාටවත් නොදැනෙන්න
මගේ හදවත
නුඹම පමණක් සොයන විටදී...
දහසක් බැමි ඉරා දමා...,
වසන් විය...,
මගේම
තාරුණ්‍යය...
මගේම පන්හිද අසල
ලියන්නට මෙතුවක් කලට
නුඹ නැත තනි මැකුවේ,
වචන පමණකි
මගේ ලඟ....මා අසලම
හිඳ මගේ තනියට ලඟ සිටපු
වචන පමණයි විශ්වාස
මට මගේ මුළු ජීවිතයටම අද...........
සිතුවිලි දැහැන...
Friday, November 20, 2015
Monday, November 16, 2015
අපි අපේ වුන කාලයේ
ලොකු ලොකු බලාපොරොත්තු
තිබුනේ නෑ...
ඇත්තටම ආදරේ කියන වචන වලවත්
තේරුම.......
අපි හෙව්වා හැමෝටම හොරා ආදරය...
වීදිවල.... පන්තිවල....,
නොසැහෙන්න අතරමං උනා
මතකද.....,
මහවැසිත් ඇද හැලුනා....
කුඩ යටින් තුරුල් වෙලා යන්න
ඔයා වගේම මමත් ආසයි.....
අත් අල්ලා ගෙන වරු ගණන් කතා කරා
අපේ ජීවිත ගැන... අපි ගැන...,
නොතේරුණත් අපිට අපිව....
ඒ හැමදේම කරත් එක දෙයක්
අපිට නැති උනා...
ඔයාගෙයි මගෙයි ආදරය....
දැන් පමා වැඩීයි....
ආදරය හැදීන ගත්තත් අද...,
මගේ නොවන නුඹ,
නුඹෙ නොවන මම
තේරුම් නොවූ
ආ ද ර ය
අදටත් සොයාවී
හමුවේවී...,
ඒත් අපි ඈතක.....
ජීවිතය වනාහි මෙයම වේ...
සිතුවිලි දැහැන...
ලොකු ලොකු බලාපොරොත්තු
තිබුනේ නෑ...
ඇත්තටම ආදරේ කියන වචන වලවත්
තේරුම.......
අපි හෙව්වා හැමෝටම හොරා ආදරය...
වීදිවල.... පන්තිවල....,
නොසැහෙන්න අතරමං උනා
මතකද.....,
මහවැසිත් ඇද හැලුනා....
කුඩ යටින් තුරුල් වෙලා යන්න
ඔයා වගේම මමත් ආසයි.....
අත් අල්ලා ගෙන වරු ගණන් කතා කරා
අපේ ජීවිත ගැන... අපි ගැන...,
නොතේරුණත් අපිට අපිව....
ඒ හැමදේම කරත් එක දෙයක්
අපිට නැති උනා...
ඔයාගෙයි මගෙයි ආදරය....
දැන් පමා වැඩීයි....
ආදරය හැදීන ගත්තත් අද...,
මගේ නොවන නුඹ,
නුඹෙ නොවන මම
තේරුම් නොවූ
ආ ද ර ය
අදටත් සොයාවී
හමුවේවී...,
ඒත් අපි ඈතක.....
ජීවිතය වනාහි මෙයම වේ...
සිතුවිලි දැහැන...
Monday, November 9, 2015
කාලකණ්නි ආශාවකට
හිතත් ගතත් දෙකම
අඩු ලන්සුවකට උකස් කරා....
පාරීශුද්ධ ආදරයකට පිටුපා
වෛශ්‍යාවන් අතරින්
පාරමී පුරන
අපේ කාලයේ
සෙල්ලක්කාර යුවතිය
ඇය නිසාමදෝ
ඇයට පෙම් බැන්දා...
පොත්තේ පාටට හිතේ පාට
සැසදුවේ නෑ...
ඒත්,
හැමදාම හිතපු
පේ‍්‍රම කථාවල
චරිත වෙන්න
පෙරුම් පිරපු මට
අකීකරු මගේ
වනචර වුනු
සිතුවිලි
නිදි කරා
ඇය
සදහටම...........
සිතුවිලි දැහැන....
හිතත් ගතත් දෙකම
අඩු ලන්සුවකට උකස් කරා....
පාරීශුද්ධ ආදරයකට පිටුපා
වෛශ්‍යාවන් අතරින්
පාරමී පුරන
අපේ කාලයේ
සෙල්ලක්කාර යුවතිය
ඇය නිසාමදෝ
ඇයට පෙම් බැන්දා...
පොත්තේ පාටට හිතේ පාට
සැසදුවේ නෑ...
ඒත්,
හැමදාම හිතපු
පේ‍්‍රම කථාවල
චරිත වෙන්න
පෙරුම් පිරපු මට
අකීකරු මගේ
වනචර වුනු
සිතුවිලි
නිදි කරා
ඇය
සදහටම...........
සිතුවිලි දැහැන....
Sunday, November 8, 2015
හුස්මක් ලඟ ඉන්න
එක හෝරාවක්
කදුළු එක්ක මට
දහස් වරක් සිටිය හැකියි...
ආත්ම ගණනක් බැදුන නුඹ එක්ක
එක තත්පරයක්වත්..,
බෑ මට මගේ නොවන
නුඹ එක්ක නිදියන්න,
කාලයත් එක්ක
අනොරා වැහිත් වැටිලා...
ඉඩෝර වලට ගම් පාළු වෙලා...
ඉතින් එහෙම දැනෙන
මට....
නුඹත් අද අසාමන්‍යයයි.....
නොතේරෙන වෙනස
හැඟීම් ..... උණූසුම.....
මේ හැමදේම අද
මා එක්කම
ඔට්ටු අල්ලාවී...
ඒත්.........................
අවිශ්වාස මට,
හුස්මක වෙනසත් හොදට දැනේවී
අද මං මා එක්කම
ආත්ම ගනුදෙනුවක....
ඉතින් නුඹ,
කුමක් කරන්නද.....???
සිතුවිලි දැහැන...
එක හෝරාවක්
කදුළු එක්ක මට
දහස් වරක් සිටිය හැකියි...
ආත්ම ගණනක් බැදුන නුඹ එක්ක
එක තත්පරයක්වත්..,
බෑ මට මගේ නොවන
නුඹ එක්ක නිදියන්න,
කාලයත් එක්ක
අනොරා වැහිත් වැටිලා...
ඉඩෝර වලට ගම් පාළු වෙලා...
ඉතින් එහෙම දැනෙන
මට....
නුඹත් අද අසාමන්‍යයයි.....
නොතේරෙන වෙනස
හැඟීම් ..... උණූසුම.....
මේ හැමදේම අද
මා එක්කම
ඔට්ටු අල්ලාවී...
ඒත්.........................
අවිශ්වාස මට,
හුස්මක වෙනසත් හොදට දැනේවී
අද මං මා එක්කම
ආත්ම ගනුදෙනුවක....
ඉතින් නුඹ,
කුමක් කරන්නද.....???
සිතුවිලි දැහැන...
Subscribe to:
Comments (Atom)